ක්‍රීඩා පුවත්
08 වන කැරම් ලෝක ශුරතාවලියේදී නාවික හමුදා තරඟකරුවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනියි
ජාත්‍යන්තර කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 08 වන කැරම් ලෝක ශුරතාවලිය-2022 (08th Carrom World Championship -2022) මැලේසියාවේ ලංග්කාවි හිදී 2022 ඔක්තෝබර් මස 03 සිට 07 දක්වා පැවැත්වුණු අතර, එම ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදාවේ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු සහ බල කාන්තා නැවි ජෝශප් රෝෂිටා විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.
11 Oct 2022
2022 අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පලඟ’ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි
අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය - 2022, කොළඹ තුරඟ තරඟ පිටියේදී 2022 ඔක්තෝබර් මස 08 සහ 09 යන දිනයන්හීදී පැවැත්වුනු අතර, එහිදී යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 26 - 10 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පළඟ’ ශූරතාවය දිනාගැනීමට සමත් විය.
11 Oct 2022
‘Intermediate Boxing Championship – 2022’ හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ‘Intermediate Boxing Championship – 2022’, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී 2022 ඔක්තෝබර් මස 05 සිට 08 දක්වා පැවැත්වුනු අතර, එහිදි රන් පදක්කම් 02 ක්, රීදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.
11 Oct 2022


