“RCYC Commodores Race – 2022 රුවල් යාත්‍රා තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහනණ හිමි කරගනියි

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “RCYC Commodores Race - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 ඔක්තෝබර් මස 29 වන දින බොල්ගොඩ වැවෙහිදී පැවැත්වුනු අතර, එහීදී, ලේසර් අංශය යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩකයන් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.

මෙම “RCYC Commodores Race - 2022” තරඟාවලියේ ලේසර් අංශය සඳහා දිවයිනේ රුවල් යාත්‍රා සමාජ නියෝජනය කරමින් රුවල් යාත්‍රා දහ හතරක් (14) මඟින් ක්‍රීඩකයන් සහභාගී වූ අතර, එම අංශය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය නියෝජනය කරමින් ක්‍රීඩකයන් හය දෙනෙකු (6) රුවල් යාත්‍රා හයකින් (6) සහභාගීවන ලදි.

ඒ අනුව, දක්‍ෂ ලෙස රුවල් යාත්‍රා හසුරවමින් ක්‍රීඩා කළ නාවික හමුදා ක්‍රීඩකයන් අතරින් සමූහ ප්‍රධාන සුළු නිලධාරී කේඑන් ඩිමාල් ‍ලේසර් අංශයෙන් දෙවන ස්ථානයත්, නායක නැවි ඩබ්ඒඑස් වීරතුංග එහි තෙවන ස්ථානයත් දිනාගැනීමට සමත්විය.