රාජ්‍ය සේවා කාන්තා දැල් පන්දු තරඟාවලිය - 2022 හි ‘ඒ’ අංශයේ ලීග් ශූරතාවය නාවික හමුදා කණ්ඩායම දිනා ගනියි

2022 දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන්හීදී ‍කොළඔ, බොරැල්ල දුම්රිය ක්‍රිඩාංගනයේ පැවැති රාජ්‍ය සේවා කාන්තා දැල් පන්දු තරඟාවලිය - 2022 තරඟාවලියේදී පොලිස් කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් තරඟාවලියේ ‘ඒ’ අංශයේ ලීග් ශුරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

රාජ්‍ය සේවා කාන්තා දැල් පන්දු තරඟාවලිය - 2022 තරඟාවලිය සඳහා ‘ඒ’ අංශයෙන් නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් දැල් පන්දු කණ්ඩායම් සහභාගී වූ අතර, තරඟාවලිය ලීග් ‘League’ සහ පිලිමලුන් පිටුදැකීම් (Knockout) වශයෙන් පවත්වන ලදී. ලීග් තරඟයේදී නාවික හමුදා කණ්ඩායම පොලිස් හා ගුවන් හමුදා කණ්ඩායම් සමඟ තරඟ වැදුනු අතර, එහිදී 2022 දෙසැම්බර් 08 දින ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 50 – 36 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ‘ඒ’ අංශයේ ලීග් ශූරතාවය මෙලෙස නාවික හමුදා කණ්ඩායම හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරඟයේදී නායක කාන්තා නැවි බීඑච්එල් මෙන්ඩිස්, බල කාන්තා නැවි පීඅයිඑස් පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි එච්ඩීආර් සිල්වා ලකුණු ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම, 2022 දෙසැම්බර් මස 09 වන දින පැවති ‘ඒ’ අංශයේ පිලිමලුන් පිටුදැකීමේ (Knockout) තරඟාවලියේදී නාවික හමුදා කණ්ඩායම පොලිස් කණ්ඩායම සමඟ තරඟ වැදුනු අතර, එහිදී නාවික හමුදා කණ්ඩායම එහි අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.