06 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2022 හි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය නාවික හමුදාවට

ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2022 ජාතික වේග හබල් ඔරු යාත්‍රා සංචිතයේ සභාපති, රොහාන් ප්‍රීතිවිරාජ් පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 16 සහ 17 යන දිනයන්හීදී බත්තරමුල්ල, දියවන්නා ඔයෙහි පැවැත්වූ අතර, එහිදි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා පිරිමි වේග හබල් ඔරු කණ්ඩායම සමත් විය.

ඒ අනුව, මීටර් 500 විවෘත පිරිමි K - 01 අංශයෙන් තරඟ වැදුනු සුළු නිලධාරි ඒකේඑස්එස් ජයවර්ධන ලෝකඩ පදක්කමක්ද, මීටර් 200 විවෘත පිරිමි C - 01 සහ විවෘත පිරිමි C - 04 අංශයන්ගෙන් තරඟ වැදුනු බලනැවි ආර්ඩීකේ ඉෂාන් රිදී පදක්කම්ද, මීටර් 200 විවෘත පිරිමි K - 01 සහ මීටර් 500 විවෘත පිරිමි K - 01 අංශයන්ගෙන් තරඟ වැදුනු බලනැවි එච්එම්ඒඩී ගුණතිලක විසින් රන් පදක්කම්ද, මීටර් 100 විවෘත පිරිමි C - 01 සහ මීටර් 500 විවෘත පිරිමි අංශයන්ගෙන් තරඟ වැදුනු බලනැවි ආර්එම්ආර් රත්නායක ලෝකඩ පදක්කම්ද, මීටර් 200 වීවෘත පිරිමි C - 01 අංශයෙන් බලනැවි බීඑම්සීඩී බස්නායක ලෝකඩ පදක්කමද හිමි කර ගැනීමට සමත් විය.

මීටර් 200 C -04 අංශයෙන් තරඟ වැදුනු සුළු නිලධාරි ඩබ්එම්එන් බණ්ඩාර රිදී පදක්කමක්ද, මීටර් 500 C - 04 අංශයෙන් තරඟ වැදුනු සුළු නිලධාරි ඩබ්යූ සංකල්ප ලෝකඩ පදක්කමක්ද, මීටර් 500 C - 01 සහ මීටර් 200 C - 04 අංශයන්ගෙන් තරඟ වැදුනු නායක මැරීන් එන්ජීසීසී ආරියපාල පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම්ද, මීටර් 500 C - 04 අංශයෙන් තරඟ වැදුනු සාමාන්‍ය නැවි එම්පීඑම්ඒ කුමාර ලෝකඩ පදක්කමත්, මීටර් 200 C - 04 අංශයෙන් තරඟ වැදුනු සාමාන්‍ය නැවි ආර්ඩීආර්එම් වීරසූරිය රිදී පදක්කමත් හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ජාතික වේග හබල් ඔරු යාත්‍රා සංචිතයේ ලේකම් රියර් අද්මිරාල් අජිත් සමරසිංහ (විශ්‍රාමික) ඇතුළු යුද හා ගුවන් වේග හබල් ඔරු කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වී සිටියහ.