12 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේදී පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2022 දෙසැම්බර් මස 14, 15 සහ 16 වන දින වැලිසර, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 12 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලිය නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරළ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනිමින් තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය දිනාගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා අංශ යටතේ පැවති මෙම තරඟාවලියේදී විවෘත පිරිමි කේවල අංශයෙන් තරඟ වැදුනු සාමාන්‍ය නැවි එන්එස් රංචගොඩ එහි තෙවන ස්ථානය දිනා ගත් අතර, වයස අවුරුදු 40 න් ඉහළ පිරිමි කේවල තරඟයේදී බලනැවි පීඩීඅයිපී සිල්වා එහි ශූරතාවයද රියර් අද්මිරාල් එල්එච්ඒ රණසූරිය අනුශූරතාවය සහ කොමදෝරු ඩබ්එම්ඒ බෝවත්ත තෙවන ස්ථානය දිනාගැනීමට සමත් විය.

තවද, වයස අවුරුදු 40 න් ඉහළ පිරිමි යුගල තරඟයේදී රියර් අද්මිරාල් පී විතාන සහ බලනැවි පීඩීඅයිපී සිල්වා ශූරතාවය දිනා ගත් අතර, රියර් අද්මිරාල් එල්එච්ඒ රණසූරිය සහ කොමදෝරු ඩබ්එම්ඒ බෝවත්ත එහි අනුශූරතාවයද, කොමදෝරු එච්එස්කේ දිසානායක සහ කපිතාන් එන්එච් කරන්දෙණිය එහි තෙවන ස්ථානයද දිනා ගන්නා ලදී. මෙම තරඟාවලියේ මිශ්‍ර යුගල තරඟයේදී ශූරතාවය සාමාන්‍ය නැවි එන්එස් රංචගොඩ සහ සාමාන්‍ය කාන්තා නැවි එච්පී කපුගීකියන විසින් සහ විවෘත පිරිමි යුගල තරඟාවලියේ තෙවන ස්ථානය බලනැවි පීඩීඅයිපී සිල්වා සහ සාමාන්‍ය නැවි එන්එස් රංචගොඩ විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, මෙම තරඟාවලියේ විවෘත කාන්තා අංශයෙන් තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි එච්පී කපුගීකියන එහි ශූරතාවය දිනා ගත් අතර, වයස අවුරුදු 30 න් ඉහළ කාන්තා කේවල තරඟයේදී එහි තෙවන ස්ථානය නායක කාන්තා නැවි (ශාරීරික අභ්‍යාසක) ආර්කේකේ මලිනි විසින්ද, විවෘත කාන්තා යුගල තරඟයේදී තෙවන ස්ථානය නායක කාන්තා නැවි (ශාරීරික අභ්‍යාසක) එච්පීඑම් හපුගස්පිටිය සහ සාමාන්‍ය කාන්තා නැවි එච්පී කපුගීකියන විසින්ද දිනාගැනීමට සමත් විය.