12 වන ආරක්‍ෂක සේවා පාපැදි ශූරතාවයෙහි කාන්තා සමස්ථ ශූරතාවය නාවික හමුදාවට

2023 ජනවාරි 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුර අසලින් ආරම්භ කෙරුණු 12 වන ආරක්‍ෂක සේවා පාපැදි ශූරතාවයේ සමස්ථ කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා පාපැදි කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, 12 වන ආරක්‍ෂක සේවා පාපැදි ධාවන තරගය කටුනායක ගුවන් හමුදා කඳවුර අසලින් ආරම්භ කර, මිනුවන්ගොඩ, දිවුලපිටිය, කටාන, මීගමුව හරහා කිලෝමීටර් 65 යි මීටර් 400 ක දුරක් ධාවනය කරමින් කටුනායක ගුවන් හමුදා කඳවුර අසලින් තරඟය අවසන් කෙරිණි. එහිදී පැය 02 යි විනාඩි 02 යි තත්පර 47 කදී තරඟය අවසන් කල නාවික හමුදා කාන්තා පාපැදි කණ්ඩායම විසින් කාන්තා සමස්ථ ශූරතාවය හිමිකරගත් අතර, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි රන් පදක්කම සාමාන්‍ය කාන්තා නැවි කේඒඑස්එන් පෙරේරා විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් මහින්ද මහවත්ත සහභාගී වු අතර, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.