12 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරගාවලියේ පිරිමි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2023 ජනවාරි මස 17 සහ 18 යන දිනයන්හීදී පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 12 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරගාවලිය සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී නාවික හමුදා පිරිමි දුනු විදීමේ කණ්ඩායම ආරක්‍ෂක සේවා දුනුවිදීමේ සමස්ථ ශූරතාවය දිනාගත් අතර, නාවික හමුදා කාන්තා දුනුවිදීමේ කණ්ඩායම කාන්තා අනුශූරතාවය දිනාගන්නා ලදි.

මෙම තරගාවලියේදී Recurve පිරිමි ඒකල ඉසව්වෙන් නායක නැවි ආර්එච්එච්පි ප්‍රේමරත්න රන් පදක්කමක් දිනාගත් අතර, Compound පිරිමි ඒකල ඉසව්වෙන් සුළු නිලධාරි ඩබ්එච්කේජි වීරසිංහ රන් පදක්කමක් දිනාගන්නා ලදි. එමෙන්ම, සුළු නිලධාරි එස්එස්ජේ සේමසිංහ, නායක නැවි බිඑම්කේ විජේරත්න සහ නායක නැවි ආර්එච්එච්පි ප්‍රේමරත්න යන නාවිකයින් Recurve පිරිමි කණ්ඩායම් ඉසව්වෙන් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ Compound පිරිමි කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම සුළු නිලධාරි ඩබ්එච්කේජි වීරසිංහ, සුළු නිලධාරි එස්බි කපුගෙදර සහ නායක නැවි එච්එන්එන්කේ ගුණරත්න යන නාවිකයන් විසින් දිනාගැනීමට සමත් විය.

තවද, මෙම තරගාවලියේ Compound කාන්තා ඒකල ඉසව්වෙන් කාන්තා නායක නැවි ඩබ්එස් හර්ෂණි විසින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, 12 වන ආරක්‍ෂක සේවා දුනු විදීමේ තරඟාවලියේදී නාවික හමුදා පිරිමි දුනු විදීමේ කණ්ඩායම සමස්ථ ශූරතාවයත්, කාන්තා දුනු විදීමේ කණ්ඩායම කාන්තා අනුශූරතාවයත් දිනාගැනීමට සමත් විය.