‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ හි මැරතන් තරඟාවලිය සාර්ථකව අවසන් වෙයි

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ මෙවර 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී උතුරු නාවික විධානයේදී පැවැත්වෙන අතර, එහි මැරතන් ධාවන තරඟාවලිය, 2023 පෙබරවාරි මස 06 වන දින සාර්ථකව අවසන් විය.

මෙම මැරතන් තරඟාවලිය පිරිමි අංශය සඳහා කිලෝමීටර් 21.0975 ක දුරක්ද, කාන්තා අංශය සඳහා කිලෝමීටර් 15 ක දුරකින්ද යුක්ත වූ අතර, මේ සඳහා සියළුම විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකු සහභාගී විය.

ඒ අනුව, පිරිමි අංශය සඳහා තරඟ වැදුනු ක්‍රීඩකයින් 26 දෙනෙකු අතරින් උතුරු මැද නාවික විධානය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් මැරතන් තරඟාවලියේ ශූරතාවය දිනා ගත් අතර, උතුරු නාවික විධානය එහි අනුශූරතාවය දිනා ගන්නා ලදී. මැරතන් කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින්ද, එහි අනුශූරතාවය උතුරු නාවික විධානය විසින්ද හිමි කර ගන්නා ලදී.

තවද, ‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ හි මැරතන් ධාවන තරඟාවලිය නාවික හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සභාපති කොමදෝරු (ඉංජිනේරු) චන්දන බෝපාගොඩ ගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු අතර, එහි ත්‍යාග ප්‍ර‍දානෝත්සවය උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.