2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරඟාවලියේ CR&FC පරදා නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී

2023 පෙබරවාරි මස 11 වන දින කොළඔ, තුරඟ තරඟ පිටියේ පැවති 2023 - නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරගාවලියේ CR&FC කාන්තා රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 34 - 0 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය.

ඒ අනුව, මෙම තරඟයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ නායක කාන්තා නැවි ඒඑච්එස් මදුමාලි උත්සාහක දිනුම් 03 ක් හා ප්‍රවර්තන 02 ක් ලබාගැනීමට සමත් වූ අතර, නායක කාන්තා නැවි එන්ජේකේ දිල්රුක්ෂි, නායක කාන්තා නැවි එම්ඩීආර් කුමුදුමාලි සහ නායක කාන්තා නැවි එච්එල්එස් ජයමාලි විසින් එහිදී උත්සාහක දිනුම් 01 බැඟින් ලබා ගනිමින් නාවික හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායක විය.

තවද, පසුගිය 2023 ජනවාරි මස 27 වන දින ගුවන් හමුදා කාන්තා රග්බි කණ්ඩායම 55 - 0 ක් ලෙස පරාජය කිරීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය. ඒ අනුව, CR&FC කණ්ඩායම පරාජය කරමින් ලද මෙම විශිෂ්ඨ ජයග්‍රහණය, නිපෝන් දස සාමාජික කාන්තා රග්බි තරඟාවලියේදී නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම ලද දෙවන තරඟ ජය ලෙස සනිටුහන් විය.