ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ කාන්තා රග්බි අවසන් තරඟය නාවික හමුදා සහ යුද හමුදා කාන්තා කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී 2023 මාර්තු මස 05 වන දින පැවැත්වුණු අතර, එහිදී ලකුණු 05-14 ක් ලෙස යුද හමුදා කාන්තා කණ්ඩායම පරදා, නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට සමත් විය.

මෙම තරඟයේ දක්ෂ ලෙස ක්‍රීඩා කල නායක කාන්තා ශාරීරික අභ්‍යාසක පී ඩිලානි සහ නායක කාන්තා නැවි ජීජී රන්දුනු විසින් උත්සාහක දිනුම බැගින් ලබා ගත් අතර, නායක කාන්තා නැවි ඒඑච්එස් මධුමාලි විසින් ප්‍රවර්තන දෙකක් (02) ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයක් දක්වන ලදී.

තවද, අවසන් තරඟය නැරඹීම සඳහා පැමිණි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එහිදී ජයග්‍රාහී නාවික හමුදා කණ්ඩායම වෙත සිය සුභපැතුම් සහ ප්‍රසංසාව පලකිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධා‍නයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල, නාවික හමුදා රග්බි සංගමයේ සභාපති කොම‍දෝරු සනත් පිටිගල ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.