ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද “38 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලිය, 2023 මාර්තු මස 29 වන දින සිට අප්‍රේල් මස 01 වන දින දක්වා බත්තරමුල්ල, දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්විණ. එහිදී Junior, Intermediate සහ Senior යන අංශයන් යටතේ තරඟ පැවති අතර, එහි Intermediate අංශයේ ශුරතාවයන් සහ Senior අංශයේ අනුශූරතාවයන් නාවික හමුදා පිරිමි සහ කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම් දිනා ගැනීමට සමත් විය.