12 වන ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2023, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 04 වන දින ත්‍රීකුණාමලය උතුර, තිරියාය මුහුදු තීරය සහ කුච්චවේලි නගරය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී පිරිමි කණ්ඩායම් අනුශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.