25 වන ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න සහ සයුරි මෙන්ඩිස් පදක්කම් දිනා ගනියි

තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 25 වන ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින (2023 ජුලි 16) පැවති මිටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමක් සහ මීටර් 400x4 සහය දිවීම තරඟයෙන් සාමාන්‍ය කාන්තා නැවි සයුරි මෙන්ඩිස් රිදී පදක්කමක් මව්බිමට දිනාදීමට සමත් විය.

ඒ අනුව, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න විසින් මිටර් 800 ධාවන ඉසව්ව විනාඩි 02 තත්පර 03.25 කින් නිමා කරමින් සහ සාමාන්‍ය කාන්තා නැවි සයුරි මෙන්ඩිස් ක්‍රීඩිකාව මීටර් 400x4 සහය ධාවන ඉසව්ව විනාඩි 03 තත්පර 33.27 කින් නව වාර්තාවක්ද සමඟ නිමා කරමින් මෙලෙස පදක්කම් දිනා දෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදීමටත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවීමටත් සමත් විය.