ලේටන් කුසලාන බොක්සිං තරඟාවලියේදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමි කර ගනියි

2023 ඔක්තෝබර් මස 01 වන දින සිට 04 වන දින දක්වා කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවති ලේටන් කුසලාන බොක්සිං තරඟාවලියේදී නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට බොක්සිං කණ්ඩායම් විසිපහක ගේ (25) සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් විසි පස් දෙනෙකු (25) සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු (04) සහභාගී විය. ඒ අනුව, නාවික හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ නායක සූපවේදී ඒඑම්ජිඅයි බංඩාර විසින් කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රන් පදක්කමද, නායක ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ජිකේජිඅයි ආරියරත්න විසින් කිලෝග්‍රෑම් 75 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රන් පදක්කමද, බලනැවි ඊඩබිඒ සදරුවන් විසින් කිලෝග්රෑම් 57 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදී පදක්කමද, නානැවි ඒඑම්ටිඑස් අධිකාරි විසින් කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදී පදක්කමද, තොරතුරු තාක්ෂණ පීඒආර්එල් විනොද් විසින් කිලෝග්‍රෑම් 92 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදී පදක්කමද, බල ශාරීරික අභ්‍යාසක ඒඩබ්ඒ මධුෂාන් විසින් කිලෝග්‍රෑම් 86 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදී පදක්කමද දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, නානැවි ඩබ්ඩිකේ ජයසිංහ විසින් කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, බලනැවි ආර්ජියුඑස් රුපස්සර විසින් කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, බලනැවි ඩබ්පි අරවින්ද විසින් කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, බල ශාරිරික අභ්‍යාසක එච්ඒඑච්ඩි හෙට්ටිආරච්ච් විසින් කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, නායක ශාරීරික අභ්‍යාසක එස්එම්සිඑස් සමරනායක විසින් කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, නායක ඉංජිනේරු කාර්මික ඒඩබ් හෙට්ටිගේ විසින් කිලෝග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, භෝජනවේදී එස්එස් ප්‍රියංකර විසින් කිලෝග්‍රෑම් 54 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කම සහ නායක ඉංජිනේරු කාර්මික ආර්එම්ජේ සමීර විසින් කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. තවද, තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට නායක සූපවේදී ඒඑම්ජිඅයි බංඩාර සමත් විය.

නාවික හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ කාන්තා ගබඩා සහකාර එච්එම්එච්පි ජයකොඩි විසින් කිලෝග්‍රෑම් 80 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රන් පදක්කමද, කාන්තා ගබඩා සහකාර කේඑම්ජේ කෝනාර විසින් කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කම සහ බල කාන්තා විනයාරක්ෂක එල්ආර්එස් සසංගි විසින් කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කම සහ බල කාන්තා නැවිආර්එම්වයිඩිබි මැණිකේ විසින් කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශ‍යෙන් හිටපු යුද හමුදාධිපතිවරයෙකු වූ ජෙනරාල් ජගත් ජයසූරිය (විශ්‍රාමික), නාවික හමුදා බොක්සිං සංගමයේ සභාපති කොමාණ්ඩර් එම්යූ කුමාරණතුංග, එහි ලේකම් කොමාණ්ඩර් ඒඑල්ජීසීඑන් සුමේධ ඇතුළු නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.