අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය, 2023 ඔක්තෝබර් මස 20 සහ 21 යන දිනයන්හීදී ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී සාර්ථකව පැවැත්වුනු අතර, පුහුණු විධානය විසින් එහි පිරිමි ශූරතාවයත්, බටහිර නාවික විධානය විසින් එහි කාන්තා ශූරතාවයත් දිනා ගැනීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, කඹ ඇදීමේ පිරිමි අවසන් තරඟය පුහුණු විධානය හා උතුරු නාවික විධානය අතර පැවති අතර, එහිදි පුහුණු විධානය එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එමෙන්ම, කඹ ඇදීමේ කාන්තා අවසන් තරඟය බටහිර නාවික විධානය හා වයඹ නාවික විධානය අතර පැවති අතර, එහිදි බටහිර නාවික විධානය එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එම්ඩීකේ විජයවර්ධන, කඹ ඇදීමේ සංචිතයේ සභාපති ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.