අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය 2023 නොවැම්බර් මස 02 වන දින සිට 04 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවති අතර, පිහිනුම් පිරිමි ශූරතාවය උතුරු නාවික විධානයත්, පිහිනුම් කාන්තා ශූරතාවය පුහුණු විධානයත්, දිය පන්දු පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත් සහ දියපන්දු කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමි කර ගැනීමට සමත්විය.

නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, දක්ෂතම ආධුනික පිහිණුම් ක්‍රීඩිකාවට හිමි කුසලානය දියත් විධානයේ ලුතිනන් එච්යූ එදිරිසිංහ විසින්ද, දක්ෂතම ආධුනික පිහිණුම් ක්‍රීඩකයාට හිමි කුසලානය වයඹ නාවික විධානයේ සුළු නිලධාරි ඩීඑම්ඒවී ලීලාරත්න විසින්ද, තරඟාවලියේ ප්‍රවීන දක්ෂතම ක්‍රීඩකයා ලෙස බටහිර නාවික විධානයේ ප්‍රධාන සුළු නිලධාරි එච්ජීආර්එස් ගමගේ විසින්ද දිනාගන්නා ලදී.

අන්තර්විධාන පිහිණුම් තරඟාවලියට සමගාමිව ත්‍රිකුණාමලය නිකල්සන් කොව් මුහුදු තීරයේ පවත්වන ලද කිලෝමිටර් 02 මුහුදු පිහිණුම් තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, එහි අනු ශූරතාවය පුහුණු නාවික විධානයත් හිමි කර ගැනීමට සමත් විය. මුහුදු පිහිණුම් කාන්තා ශුරතාවය පුහුණූ විධානයත්, එහි අනුශූරතා‍වය නැගෙනහිර නාවික විධානයත් හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, කිලොම්ටර් 02 මුහුදු පිහිණුම් තරඟාවලියේ පිරිමි දක්ෂතම ක්‍රිඩකයා ලෙස නැගෙනහිර නාවික විධානයේ නායක කිමිදුම් එච්එම්ඩීඩී බංඩාර තේරී පත් වූ අතර, පුහුණු විධානයේ මධ්‍ය නිලධාරි කේඑන්ටී පෙරේරා හා මධ්‍ය නිලධාරි එච්ආර්එල් පෙරේරා යන ක්‍රීඩකයින් සහ බටහිර නාවික විධානයේ නායක කාන්තා ශාරිරික අභ්‍යාසක ඩීආර්ඩීඑස්කේ දසනායක හා පුහුණු විධානයේ බල කාන්තා ශාරිරික අභ්‍යාසක ජීඩීඩී සකුන්තලා යන ක්‍රීඩිකාවන් එම තරඟාවලියේ සම ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම, දිය පන්දු තරඟාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස තරඟාවලියේ සමස්ත ගෝල් 19 ක් ලබා ගත් සුළු නිලධාරි පීඑම් තරංග විසින්ද, එහි දක්ෂතම ක්‍රිඩිකාව ලෙස තරඟාවලියේ සමස්ත ගෝල් 11 ක් ලබා ගත් බටහිර නාවික විධානයේ නායක කාන්තා නැවි එම්එච්එන් හේරත් විසින්ද හිමි කර ගැනීමට සමත් විය. ඒ අනුව, දිය පන්දු තරඟාවලියේ පිරිමි ශුරතාවය නැගෙනහිර නාවික විධානයත්, අනුශූරතාවය පුහුණු විධානයත්, එහි කාන්තා ශූරතා‍වය බටහිර නාවික විධානයත්, එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානයත් හිමි කර ගැනීමට සමත් විය.