Eagle’s Cup අභියෝගතා කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගනියි

Eagle’s Cup අභියෝගතා කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලිය, 2023 නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම විසින් දිනාගැනීමට සමත් විය.

කණ්ඩායම් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අවසන් මහ තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර, එහිදී ගෝල 33 – 32 වශයෙන් නාවික හමුදා කණ්ඩායම පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියේදී දක්ෂතම ප්‍රහාරකයා ලෙස නානැවි ඩබ්ඒසීපී විජේන්ද්‍ර විසින්ද, දක්ෂතම දැල්රකින්නා ලෙස බලනැවි ටීඑස් ද සිල්වා විසින් සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නානැවි කේඑම්ආර්එස්එස් බංඩාර විසින් කුසලාන හිමි කර ගැනීමට සමත් විය.