ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලියේදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමි කර ගනියි

2023 නොවැම්බර් මස 13 වන දින සිට 17 වන දින දක්වා කොළඹ, රාජකිය විදුහල් ක්‍රිඩාගාරයේදි පැවති ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරඟාවලියේදී නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට බොක්සිං කණ්ඩායම් විසිපහක ගේ (25) සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් විසි හය දෙනෙකු (26) සහ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු (05) සහභාගී විය. ඒ අනුව, නාවික හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ නායක නැවි කේඑම්සිකේ කරුණානායක ක්‍රිගැ 92 අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රන් පදක්කමද, නායක සූපවේදී ඒඑම්ජිඅයි බංඩාර විසින් කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදි පදක්කමද, නායක ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ජිකේජිඅයි ආරියරත්න විසින් කිලෝග්‍රෑම් 75 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදි පදක්කමද, නානැවි ඒඑම්ටිඑස් අධිකාරි විසින් කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදී පදක්කමද, නායක නැවි එස්එම්සීඑස් සමරකෝන් විසින් කිලෝග්‍රෑම් 63.5 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදී පදක්කමද, දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, නායක නැවි පීඑස්පී දේශප්‍රිය විසින් කිලෝග්‍රෑම් 80 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, නායක සංඥා එම්ජිපිකේපි දයාරත්න විසින් කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, බලනැවි ඩබ්පි අරවින්ද විසින් කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, නායක ඉංජිනේරු කාර්මික ඒඩබ් හෙට්ටිගේ විසින් කිලෝග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, බලනැවි බිඑච්ඩිසී ද සිල්වා විසින් කිලෝග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද, තොරතුරු තාක්ෂණ පීඒආර්එල් විනොද් විසින් කිලෝග්‍රෑම් 92 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද දිනාගත් අතර, තරඟාවලියේ දක්ෂතම පරාජිත ක්‍රිඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට නායක ශාරිරික අභ්‍යාසක ඩබ්එම්ජිකේජිඅයි ආරියරත්න සමත් විය.

නාවික හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ කාන්තා ගබඩා සහකාර එච්එම්එච්පි ජයකොඩි විසින් කිලෝග්‍රෑම් 80 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රන් පදක්කමද, බල කාන්තා විනයාරක්ෂක එල්ආර්එස් සසංගි විසින් කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රිදි පදක්කම සහ කාන්තා ලිපිකරු ආර්එම්එස්එස් රත්නායක විසින් කිලෝග්‍රෑම් 54 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කමද දිනා ගැනීමට සමත් විය.