07 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2023 හි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

07 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2023 නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 02 දින දක්වා බත්තරමුල්ල, දියවන්නා ඔයෙහි පැවැත්වූ අතර, එහිදි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා පිරිමි වේග හබල් ඔරු කණ්ඩායම සමත් විය.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, Adventure Seals, Bolgoda Lake Rowing Club, Diyawanna Water Sports Club, MAKVONS Canoe and Kayak Club හා Lanka Adventure යන කණ්ඩායම් සහ Jade High School, Asian International School, Gateway College Colombo සහ Universal College Lanka යන පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් 12 ක් සහභාගී විය.

ඒ අනුව, මීටර් 200/500/1000 විවෘත පිරිමි K - 01 අංශයෙන් තරඟ වැදුනු බලනැවි එච්එම්ඒඩී ගුණතිලක රන් පදක්කම් දිනාගත් අතර, මීටර් 500 විවෘත පිරිමි K - 01 අංශයෙන් තරඟ වැදුනු බල පාබල කේකේ විරාජ් ලෝකඩ පදක්කමක්ද, මීටර් 500/1000 විවෘත පිරිමි K - 02 අංශයෙන් තරඟ වැදුනු සුළු නිලධාරී ඒකේඑස්එස් ජයවර්ධන සහ ඉංජිනේරු කාර්මික එච්ඊඑම්එන්ජීජීබි ඒකනායක විසින් රන් පදක්කම්ද දිනාගැනීමට සමත් විය.

මීටර් 200/1000 විවෘත පිරිමි K - 04 අංශයෙන් තරඟ වැදුනු සුළු නිලධාරී ඒකේඑස්එස් ජයවර්ධන, සුළු නිලධාරී ජේසී ජයසිංහ, නායක නැවි ඩීඑම්ඩීඑස් බංඩාර සහ ලුතිනන් එල්බීඩීඑන් දයානන්ද විසින් රීදී පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර, මීටර් 1000 විවෘත පිරිමි K - 04 අංශයෙන් තරඟ වැදුනු සුළු නිලධාරී ඒකේඑස්එස් ජයවර්ධන, සුළු නිලධාරී ජේසී ජයසිංහ, නායක නැවි ඩීඑම්ඩීඑස් බංඩාර සහ ඉංජිනේරු කාර්මික එච්ඊඑම්එන්ජීජීබි ඒකනායක විසින් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, මීටර් 200/500/1000 විවෘත පිරිමි C – 02 අංශයෙන් තරඟ වැදුනු බලනැවි බීඑම්සීඩී බස්නායක සහ බලනැවි ආර්එම්එස්ආර් රත්නායක විසින් රිදී පදක්කම් දිනාගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු (විශ්‍රාමික), දකුණු නාවික විධානයේ අඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය, යුද හා ගුවන් වේග හබල් ඔරු කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වී සිටියහ.