ශ්‍රී ලංකා කායවර්ධන ශූරතාවලිය - 2023 තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2023 දෙසැම්බර් මස 15 වන දින කොළඹ, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන පරිශ්‍රයේදි පැවති Sri Lanka Master Bodybuilding Champion / Mr. Hercules Top 10 / Youth Junior & Physique Men / Women Championship - 2023 තරඟාවලියේදී නාවික හමුදා කායවර්ධන කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, දිවයිනේ ප්‍රකට කායවර්ධන සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, Master Bodybuilding Champion / Mr. Hercules තරඟයේ පිරිමි Physique අංශයේ ශූරතාවය ලිපිකරු ඩබ්ආර් කාවින්ද විසින්ද, Mr. Hercules තරඟයේ සිව්වන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික එන්වීඒ නාමරත්න විසින්ද, වයස අවුරුදු 40 ත් 45 ත් අතර බර පන්තියේ සිව්වන ස්ථානය නායක විදුලි කාර්මික බීටී නුවන් විසින්ද දිනා ගැනීමට සමත් විය.