77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියේ විවෘත මිශ්‍ර යුගල ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

ලංකා මේස පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද 77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලිය 2023 දෙසැම්බර් මස 16 සහ 17 දිනයන්හීදී මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී විවෘත මිශ්‍ර යුගල ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

දිවයිනේ ප්‍රකට මේස පන්දු කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසිය තිස් දෙදෙනෙකුගේ (232) පමණ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු (08) සහභාගී විය.

ඒ අනුව, නාවික හමුදා මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් විවෘත මිශ්‍ර යුගල ශූරතාවය සඳහා සහභාගී වූ බලනැවි එන්එස් රංචාගොඩ සහ බලකාන්තා නැවි එච්පී කපුගීකියන විසින් 3-2 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් එහි ශූරතාවය දිනාගැනීමට සමත් විය.