පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී 2023 දෙසැම්බර් මස 27 වන දින සිට 30 වන දින දක්වා පැවති ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නාවික හමුදා කාන්තා බර ඉසිලිමේ කණ්ඩායම සම ශූරතාවයන් දිනාගැනීමට සමත් වූ අතර, එහිදී කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්ව සඳහා සහභාගී වූ බලකාන්තා නැවි බීසී ප්‍රියන්ති ක්‍රීඩිකාව විසින් නව ශ්‍රී ලංකා තරඟ වර්ථා තුනක් පිහිටුවීමට ද සමත් විය.