ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 හි අවසන් මහා තරඟය 2024 මාර්තු මස 28 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.