Barts Bash -2024 රුවල් තරගාවලීයේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
‘Barts Bash -2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 08 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
Ceylon Motor Yacht Club මඟින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රකට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු ඒ සඳහා සහභාගී විය.
ඒ අනුව, විවෘත අංශයේ ප්‍රථම ස්ථානය ප්‍රධාන සුළු නිලධාරි පීඩීඩීඑස් රාජපක්ෂ විසින් දිනාගන්නා ලද අතර, එහි දෙවන ස්ථානය සුළු නිලධාරි යූඩී රාජපක්ෂ විසින් දිනාගන්නා ලදි.
Laser කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ප්‍රධාන සුළු නිලධාරි පීඩීඩීඑස් රාජපක්ෂ විසින්ද, දෙවන ස්ථානය සුළු නිලධාරි යූඩී රාජපක්ෂ විසින් සහ තෙවන ස්ථානය නායක නැවි ජේඑස් සෙනෙවිරත්න විසින් දිනාගන්නා ලදි.
GP 14 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නායක නැවි කේසීඩීඑස් සොයිසා හා නායක ඉංජිනේරු කාර්මික පීඩීඑස් පෙරේරා විසින්ද, දෙවන ස්ථානය නායක නැවි ජේඑම්ජේපී අත්තනායක හා නායක නැවි ඒඑස්කේ සොයිසා විසින් සහ තෙවන ස්ථානය සුළු නිලධාරී ඩබ්ඒඑස් වීරතුංග හා නායක නැවි ජීපීපී කරුණාරත්න විසින් දිනාගන්නා ලදි.
Enterprise කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නායක නැවි ජේඑම්පීඑල් ජයපත්ම හා නායක නැවි එස්පීපීඑන් කුමාර විසින්ද, එහි දෙවන ස්ථානය සුළු නිලධාරී ජේපීඑස්ඩීඊ සිල්වා හා නායක නැවි එල්ඒසීඑම් ගුණතිලක විසින් සහ තෙවන ස්ථානය ලුතිනන් පීඑස්එස් ගෝමස් හා නායක නැවි ඒජීපී අසංක විසින් දිනාගන්නා ලදි.