ජාතික ඔරු සහ කයාකිං සංගමය (National Association of Canoe and Kayaking in Sri Lanka - NACKSL) විසින් සංවිධානය කරන ලද 8 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය, 2024 සැප්තැම්බර් මස 14 වන දින සිට 16 දින දක්වා ප්‍රථම වරට යාපනය කොටුව ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්වූ අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද, එහි අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවද හිමිකරගැනීමට සමත් විය.