Commander’s Cup Challenge Trophy - 2024 පාපන්දු තරඟාවලියේ කාන්තා ශූරතාවය හා පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සංවිධානය කරන ලද Commander’s Cup Challenge Trophy Football Tournament - 2024 තරඟාවලිය 2024 දෙසැම්බර් මස 02 වැනි දින සිට 10 වැනි දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති අතර, එහිදී නාවික හමුදා කාන්තා හා පිරිමි කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
ත්‍රිවිධ හමුදා පාපන්දු කණ්ඩායම් සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම් අතර පැවති කාන්තා අවසන් මහා තරඟයෙන් නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය හිමි වූ අතර, නාවික හා යුද හමුදා පිරිමි පාපන්දු කණ්ඩායම් අතර පැවති අවසන් මහා තරඟයේදී නාවික හමුදා පිරිමි කණ්ඩායමට අනුශූරතාවය හිමි විය.
එමෙන්ම, නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ බල කාන්තා නැවි ටීඒඩීටී මදුෂිකා විසින් තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානයද, සමාන්‍ය කාන්තා නැවි එස්ජීඑස්එස් සුභසිංහ විසින් දක්‍ෂතම දැල් රකින්නියට හිමි කුසලානය සහ නාවික හමුදා පිරිමි පාපන්දු කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය නැවි එම්එස්එම් තුර්ෂිත් විසින් තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ද දිනා ගැනීමට සමත් විය.