නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් 2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනාගනියි

2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 ජනවාරි මස 31 වැනි දින සිට 2025 පෙබරවාරි මස 02 වැනි දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරය ආශ්‍රිතව පැවැති අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් “A” සහ “B” කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ‘A’ සහ ‘B’ යන කණ්ඩායම් ඇතුලුව ප්‍රකට වෙරළ වොලිබෝල් කණ්ඩායම් 08 කගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේදී, නාවික හමුදා කාන්තා ‘A’ සහ ‘B’ කණ්ඩායම් අවසන් මහා තරඟය සඳහා තේරීපත් විය. අවසන් මහා තරඟයේදී නාවික හමුදා කාන්තා ‘A’ කණ්ඩායම නියෝජනය කළ බල කාන්තා නැවි ඒකේටී ලක්ෂානී සහ සාමාන්‍ය කාන්තා නැවි ඵම්ජීඩී බණ්ඩාර තරඟ වට 2-0 ලෙස නාවික හමුදා කාන්තා “B” කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය නැවි ඩබ්ඵස් අසංගා සහ සාමාන්‍ය නැවි ඩීඵම්කේකේ දිසානායක පරාජය කරමින් මෙලෙස ශූරතාවය සහ අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.