03 වැනි ජාතික අත් පන්දු ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගනියි
03 වැනි ජාතික අත්පන්දු තරඟාවලිය - 2025 (03rd National Handball Championship) පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2025 අප්‍රේල් මස 03 වැනි දින සිට 06 වැනි දින දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදාව එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, කණ්ඩායම් 07කගේ සහභාගීත්වයෙන් පැවති 03 වැනි ජාතික අත්පන්දු තරඟාවලියේදී, කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ කණ්ඩායම පරදා නාවික හමුදා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා තේරී පත්විය. යුද හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් තරඟයේ දී නාවික හමුදා ක්‍රීඩකයින් දක්‍ෂ ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 34 - 41 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කර මෙලෙස 03 වැනි ජාතික අත් පන්දු ශූරතාවය නාවික හමුදාව වෙත දිනා දීමට සමත් විය.
තවද, තරඟාවලියේ විශේෂ දක්‍ෂතා දක්වන ලද පහත සඳහන් නාවික පුද්ගලයින් සහතික පත් හා පදක්කම් හිමි කර ගන්නා ලදී.
දක්‍ෂතම ප්‍රහාරකයා - සුළු නිලධාරී ඩබ්ආර් වීරසිංහ
දක්‍ෂතම ආරක්‍ෂකයා - සුළු නිලධාරි ඩබ්එච්පී ද සිල්වා
දක්‍ෂතම දැල් රකින්නා - නායක නැවි ටීඑස් ද සිල්වා