13 වන ආරක්‍ෂක සේවා පාපන්දු පිරිමි ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි
13 වැනි ආරක්‍ෂක සේවා පාපන්දු තරගාවලිය 2025 මැයි මස 02 වැනි දින සිට 10 වැනි දින දක්වා වැලිසර නාවික හමුදා පාපන්දු පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී පිරිමි ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත්විය.
ඒ අනුව, යුද්ධ හමුදා කණ්ඩායම පරදා ගෝල 01 – 00 ලෙස ජයගත් නාවික හමුදා පිරිමි පාපන්දු කණ්ඩායම 13 වන ආරක්‍ෂක සේවා පාපන්දු පිරිමි ශූරතාවය සහ කාන්තා පාපන්දු කණ්ඩාම ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති අවසන් තරඟයේ දී එහි අනුශූරතාවය නාවික හමුදාවට දිනා දීමට සමත් විය.
තවද, තරඟාවලියේ පිරිමි අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය සාමාන්‍ය නැවි අයිඑම් සෆ්රාන් විසින් සහ දක්‍ෂතම දැල් රකින්නාට හිමි කුසලානය සාමාන්‍ය නැවි එම්කේඑම් ඉෂාන් විසින් දිනා ගැනීමට සමත් විය.