13 වන ආරක්‍ෂක සේවා වූෂූ අනු ශූරතාවය නාවික හමුදාවට

13 වන ආරක්‍ෂක සේවා වූෂූ තරඟාවලිය 2025 ජුනි මස 02 වැනි දින සිට 04 වැනි දින දක්වා අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි පිරිමි සහ කාන්තා අනු ශුරතාවය නාවික හමුදාවට හිමි විය.

සැන්ඩා (Sanda) හා තාවුළු (Taolu) යන අංශයන්ගෙන් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලිය පුරා දක්‍ෂතා පෙන්නුම් කරමින් පදක්කම් 23ක් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, නාවික හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් ද, කාන්තා කණ්ඩායම රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් ද සමඟින් මෙලෙස පදක්කම් 23ක් දිනා ගනිමින්, 13 වන ආරක්‍ෂක සේවා වූෂු අනු ශූරතාවය නාවික හමුදාවට හිමිකර දීමට සමත් විය.