අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය, 2025 ජුනි මස 14 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී සාර්ථකව පැවැත්වුනු අතර, බටහිර නාවික විධානය විසින් එහි පිරිමි ශූරතාවයත්, උතුරු මැද නාවික විධානය විසින් එහි කාන්තා ශූරතාවයත් දිනා ගැනීමට සමත් විය.
කණ්ඩායම් 15ක සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම තරඟාවලියේදී, කඹ ඇදීමේ පිරිමි අවසන් තරඟය බටහිර නාවික විධානය හා උතුරු නාවික විධානය අතර පැවති අතර, එහිදි බටහිර විධානය එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එමෙන්ම, කඹ ඇදීමේ කාන්තා අවසන් තරඟය පුහුණු විධානය හා උතුරු මැද නාවික විධානය අතර පැවති අතර, එහිදි උතුරු මැද නාවික විධානය එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.
තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා සහ නාවික හමුදා කඹ ඇදිමේ සංච්තයෙහි සභාපති කොමදෝරු ඒඑම්ඩී අමරකෝන් ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.