අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය - 2025 නාවික තටාකංගනයේදි සාර්ථකව නිමාවට පත්වෙයි
‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2025’, 2025 ජුනි මස 27 වැනි දින සිට 30 වැනි දින දක්වා නාවික තටාකංගනය මුෂ්ඨි ප්‍රහාරක ක්රීඩාගාරයේදී පැවත්වුණු අතර, එහිදී පිරිමි ශූරතාවය වයඹ නාවික විධානයත්, කාත්නා ශුරතාවය පුහුණු විධානයත් දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, වයඹ විධානය රන් පදක්කම් පහක් (05) සහ ලෝකඩ පදක්කමක් (01) දිනාගෙන තරඟාවලියේ පිරිමි ශූරතාවය දිනාගත් අතර, රන් පදක්කම් පහක් (05), රිදී පදක්කමක් (01) සහ ලෝකඩ පදක්කම් හතරක් (04) දිනාගත් පුහුණු විධානය කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
පිරිමි කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන් තරඟ වැදුනු වයඹ නාවික විධානයේ සාමාන්‍ය නැවි ඩබ්ආර්ජීඑම්කේ වීරසිංහ තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකායට හිමි කුසලානයත්, කිලෝ ග්‍රෑම් 54 බර පංතියෙන් තරඟ වැදුනු උතුරු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි එස්ඩී හීනටිගල දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානයත් හිමි කර ගන්නා ලදි.
තවද, අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලියේ ත්‍යාග ප්රදානය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මුෂ්ඨි ප්‍රහාරක සංචිතයේ ලේකම්, කොමාණ්ඩර් එස්එම්එල්බී සකලසූරිය සහ නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.