‘MAHAMERUWA RALLY CROSS – 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් නාවික හමුදාව දිනාගනීයි
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘MAHAMERUWA RALLY CROSS – 2025’ ධාවන තරඟාවලිය, 2025 ජූනි මස 29 වැනි දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ Standard 250CC තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට නාවික හමුදාව සමත්විය.
මෙම තරඟාවලිය සඳහා දිවයිනේ අති ධාවනකාරී යතුරුපැදි සංචිත නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගී වී සිටි අතර, යතුරු පැදි ඉසව් එකොලහක් (11) යටතේ පැවති තරඟාවලියේ Racing 125 CC, Standard 125CC, Standard 250CC, Super Mortard Race - 01 සහ Super Mortard Race - 02 අංශ සඳහා නාවික හමුදා අති ධාවනකාරි යතුරුපැදි සංචිතයේ ක්‍රීඩකයින් හය දෙනෙකු (06) සහභාගී වූහ.
ඒ අනුව, Standard 250CC තරඟය යටතේ තරඟ වැදුණු නායක ශාරීරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින් එම කාණ්ඩයේ තෙවන (03) ස්ථානය නාවික හමුදාවට දිනාදීමට සමත්විය.