“PCC & Handgun Nationals 2025” ජාතික වෙඩි තැබීමේ තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය (International Practical Shooting Confederation - IPSC) විසින් සංවිධානය කරන ලද Pistol Caliber Carbine (PCC) සහ Handgun Level III ජාතික වෙඩිතැබීමේ තරඟාවලිය, 2025 ජුනි මස 18 වැනි දින සිට 22 වැනි දින දක්වා, වැලිසර නාවික හමුදා පිස්තෝල වෙඩි පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි ත්‍යාග ප්‍රධානෝත්සවය ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්, 2025 ජුනි මස 22 වැනි දින Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.
මෙම ජාතික වෙඩිතැබීමේ තරඟාවලිය සඳහා ත්‍රිවිද හමුදාව, පොලීසිය සහ සිවිල් වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ දහසයක් (16) නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසීය හැත්තෑවකට (270) අධික පිරිසක් සහභාගිව සිටි අතර, තරඟාවලියේ විනිෂ්චය ජාත්‍යන්තරව පිළිගත් විනිසුරුවන් (Range Officers) දෙපලකගේ දායකත්වයෙන් සිදුකෙරිණි.
එහිදී, කණ්ඩායම් ඉසව්වන්ගෙන් ජයග්‍රහණ දිනාගත් නාවික හමුදාව; විවෘත කාන්තා අංශයෙන් රන් පදක්කම් හතරක් (04), විවෘත පිරිමි අංශයෙන් රිදී පදක්කම් හතරක් (04), සම්මත පිරිමි අංශයෙන් රිදී පදක්කම් හතරක් (04), නිෂ්පාදිත පිරිමි අංශයෙන් ලෝකඩ පදක්කම් හතරක් (04) සහ PCC Iron පිරිමි අංශයෙන් රන් පදක්කම් හතරක් (04) දිනා ගැනීමට සමත් විය.
තරඟාවලියේ කේවල ඉසව්වන්ගෙන් සුවිශේෂි දක්‍ෂතා පෙන්නුම් කරමින්; PCC Iron Overall කාන්තා අංශයේ රන් පදක්කම සමඟ සභාපති රන් පදක්කම සමූහ ප්‍රධාන සුළු නිලධාරී යූඑස් රොද්‍රිගෝ, PCC Iron Overall පිරිමි අංශයේ රන් පදක්කම සමඟ සභාපති රන් පදක්කම නායක ගුවන් විදුලි කාර්මික කේපීජීඩී ධනුෂ්ක, එම අංශයේ ලෝකඩ පදක්කම බනැවි ඩබ්ඒකේටීසී පෙරේරා, Classic Division Overall අංශයේ රිදී පදක්කම කොමාණ්ඩර් එච්ඒඩී ෆොන්සේකා, එම අංශයේ ලෝකඩ පදක්කම සාමාන්‍ය කාන්තා නැවි ඩබ්ඩීසීඑම් ධර්මදාස විසින්ද දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම, විවෘත කාන්තා අංශයේ (Open Division Lady Overall) රන් පදක්කම සමඟ සභාපති රන් පදක්කම සමූහ ප්‍රධාන සුළු නිලධාරී යූඑස් රොද්‍රිගෝ, එම අංශයේ රිදී පදක්කම නායක කාන්තා නැවි සීඑන් ජයසිංහ, විවෘත තනි අංශයෙන් (Open Division) රන් පදක්කම සමඟ සභාපති රන් පදක්කම සමූහ ප්‍රධාන සුළු නිලධාරී යූඑස් රොද්‍රිගෝ, එම අංශයේ ලෝකඩ පදක්කම නායක නැවි ඩබ්ඒඩී චතුරංග, විවෘත අංශයේ (Open Division) Range Officer රන් පදක්කම සමූහ ප්‍රධාන සුළු නිලධාරී යූඑස් රොද්‍රිගෝ සහ සම්මත අංශයේ (Standard Division Overall) රන් පදක්කම සමඟ සභාපති රන් පදක්කම නායක ගුවන් විදුලි කාර්මික කේපීජීඩී ධනුෂ්ක දිනා ගනිමින්, සමස්ත තරඟාවලියේ පදක්කම් තිස් හයක් (36) දිනා ගැනීමට නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමත්විය.
තවද, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය තුමා, තරඟාවලියේ අධ්‍යක්‍ෂක රියර් අද්මිරාල් මංජුල දිසානායක, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකෙරිණි.


