‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2025’ හි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි
2025 ජුලි මස 04 වන දින සිට 11 වැනි දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති ‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2025’ හි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.
ඒ අනුව, සියළුම නාවික විධාන නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය, 2025 ජුලි මස 11 වන දින බටහිර නාවික විධානය සහ පුහුණු විධාන කණ්ඩායම අතර පැවති අතර, එහිදී ගෝල 02-01 ක් වශයෙන් ලබා ගනිමින් බටහිර නාවික විධාන කණ්ඩායම මෙලෙස තරඟාවලියේ ශූරතාවය දිනා ගත් අතර, තරඟාවලියේ අනුශූරතාවය පුහුණු විධාන කණ්ඩායම විසින් සහ තරඟාවලියේ තෙවන ස්ථානය නැගෙනහිර නාවික විධාන කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම, අන්තර් විධාන පාපන්දු තරඟාවලියේ දක්ෂතම නැගී එන ක්‍රිඩකයාට හිමි කුසලානය පුහුණු විධාන කණ්ඩායම නියෝජනය කල ශිෂ්‍යභට නිළධාරි ආර්එම්අයිකේබි ඒකනායක ක්‍රිඩකයාද විසින්ද, දක්ෂතම දැල් රකින්නාට හිමි කුසලානය බටහිර නාවික විධානයේ ලිපි I කේඩිපි කාවින්ද විසින් සහ දක්ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය බටහිර නාවික විධානයේ ලුතිනන් එස්අයි වීරසිංහ විසින් දිනා ගැනීමට සමත් විය.