කොරියානු ජනරජයේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවන්ගෙන් ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක මවුබිම රනින් සරසයි

කොරියානු ජනරජයේ සියොංනාම් නුවර (Seongnam) සහ ගයර්යොන්ග් නුවර (Gyeryong) පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ, නාවික හමුදාවේ ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක විසින්, මවුබිම වෙත රන් පදක්කම් දෙකක් (02) දිනා දීම‍ට 2025 ජුලි මස 20 වැනි දින සහ අගෝස්තු මස 10 දින සමත් විය.

ඒ අනුව, ලොව පුරා රටවල් 22ක සහභාගීත්වයෙන් 2025 ජූලි මස 20 වන දින දකුණු කොරියාවේ සියොංනාම් නුවරදී පැවති, ‘සියොංනාම්’ විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවලිය සඳහා ‘පූම්සේ’ ඉසව්වෙන් සහ, රටවල් 20 ක සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 10 වැනි දින දකුණු කොරියාවේ ගයර්යොන්ග් නුවර පැවති ‘MBC කුසලාන’ ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක සහභාගී විය.

එහිදී, විශිෂ්ඨ ක්‍රීඩා කෞෂල්‍යක් පෙන්නුම් කරමින් දක්‍ෂ ලෙස ක්‍රීඩාකල ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක එම ගූරතාවන්ගෙන් මෙලෙස මවුබිමට රන් පදක්කම් දිනා දීමට සමත් විය.