අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2025 අගෝස්තු මස 12 සිට 15 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා සියලුම නාවික විධාන නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 09ක් සහ කාන්තා කණ්ඩායම් 07 ක් සහභාගී වූ අතර, අවසන් දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා සහභාගී විය.

ඒ අනුව, තරඟාවලියේ පිරිමි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින්ද, අනුශූරතාවය බටහිර නාවික විධානය විසින්ද හිමිකරගත් අතර, කාන්තා සමස්ථ ශූරතාවය අඛණ්ඩව අටවැනි (08) වරටත් බටහිර නාවික විධානය විසින් සහ එහි අනුශූරතාවය පුහුණු නාවික විධානය විසින් හිමිකර ගැනීමට සමත් විය.

එමෙන්ම, දක්‍ෂතම නැගීඑන ක්‍රීඩකයාට හිමි කුසලානය උතුරු නාවික විධානයේ සාමාන්‍ය නැවි එස්ආර්එම් සෙ‍නෙවිරත්න විසින් හිමිකර ගැනීමට සමත් විය.