Intermediate boxing tournament - 2025 ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද Intermediate boxing tournament - 2025 බොක්සිං තරඟාවලිය, කොළඹ රෝයල් මාස් එරීනා ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී, 2025 අගෝස්තු මස 21 වැනි දින පැවති අතර, එහිදී තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, දිවයිනේ ප්‍රකට බොක්සිං සංචිත 22ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, නාවික හමුදාව නියෝජනය කරමින් පිරිමි බර පන්ති දහයක් (10) සහ කාන්තා බර පන්ති හතරක් (04) යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහඅට දෙනෙකු (18) සහභාගි විය. එහිදී, කිලෝග්‍රෑම් 55 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක නාවික පාබල කේඑම්ජිජි චතුරංග විසින් තරඟාවලියෙ හොඳම බොක්සිං ක්‍රීඩකයාට හිමි කුසලානය සහ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එමෙන්ම, කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය නියෝජනය කල සුළු නිලධාරී පීඑස් කුමාර, කිලෝග්‍රෑම් 75 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක ශාරීරික අභ්‍යාසක එස්එම්සීඑස් සමරනායක, කිලෝග්‍රෑම් 60ට අඩු බර පන්තිය නියෝජනය කල කාන්තා ලිපිකරු I ආර්එම්එස්එස් රත්නායක සහ කිලෝග්‍රෑම් 70 ට අඩු බර පන්තිය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි පීඑච්එච් ධනන්ජා විසින් එහිදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.
තරඟාවලියේ කිලෝග්‍රෑම් 90 ට අඩු බර පන්තිය නියෝජනය කල ගුවන් විදුලි කාර්මික එම්එම්ඩී කුමාර සහ කිලෝග්‍රෑම් 54 ට අඩු බර පන්තිය නියෝජනය කල සාමාන්‍ය කාන්තා නැවි කේඑච් ලක්‍ෂාණි විසින් රිදී පදක්ම්ද, කිලෝග්‍රෑම් 90ට වැඩි බර පන්තිය නියෝජනය කල බල නැවි බීඑච්ඩීසී ද සිල්වා, කිලෝග්‍රෑම් 50ට අඩු බර පන්තිය නියෝජනය කල බල නාවික පාබල බීඕඕකේඅයිසී ප්‍රභාත්, කිලෝග්‍රෑම් 70ට අඩු බර පන්තිය නියෝජනය කල විදුලි කාර්මික එන්ඩබ්එස් කාවින්ද සහ කිලෝග්‍රෑම් 54ට අඩු බර පන්තිය නියෝජනය කල කාන්තා ගබඩා සහකාර I කේඑම්එම්ජේ කෝනාර විසින් ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට සමත් විය.