2025 අන්තර් විධාන ටෙනිස් ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගනියි
2025 අගෝස්තු මස 27 වැනි දින සිට සැප්තැම්බර් මස 02 වැනි දින දක්වා ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2025’ හී ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය පුහුණු විධානයට හිමි විය.
නාවික හමුදා විධාන නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ අන්තර් විධාන තරඟාවලියට සමගාමීව ආධුනික, විවෘත ඒකල හා යුගල සහ වයස අවුරුදු 45න් ඉහල කේවල සහ යුගල වශයෙන් ඉසව් තුනක් (03) පැවැත්විණි.
ඒ අනුව, ආධුනික කාණ්ඩයේ ශූරතාවය නායක ශාරීරික අභ්‍යාසක එම්ජීඑස්ආර් කුමාර විසින් දිනා ගන්නා ලද අතර, එහි අනුශූරතාවය සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ආර්එම්එස්එන් රාජගුරු විසින් දිනා ගන්නා ලදී.
තරඟාවලියේ විවෘත ඒකල ශූරතාවය සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එන්ජේආර් හේමකුමාර විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය කොමාණ්ඩර් චාමර ජයරුවන් විසින් ද, විවෘත යුගල ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් රුවන් ජයතිලක හා සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එන්ජේආර් හේමකුමාර විසින් සහ එහි අනුශූරතාවය සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ආර්එම්එස්පී රත්නායක හා නායක ශාරීරික අභ්‍යාසක පීඑම්එල්එස් කුමාර විසින් දිනා ගැනීමට සමත්විය.
එමෙන්ම, වයස අවුරුදු 45 න් ඉහළ කේවල ශූරතාවය කොමදෝරු දුලිත දේවප්‍රිය විසින් හා එහි අනුශූරතාවය කොමදෝරු දනන්ජන රාජපක්‍ෂ විසින් ද, වයස අවුරුදු 45 න් ඉහළ යුගල ශූරතාවය කොමදෝරු අසේල අමරනාත් හා කපිතාන් නුවන් අරන්දර විසින් සහ එහි අනුශූරතාවය කොමදෝරු දනන්ජන රාජපක්ෂ හා කොමදෝරු දුලිත දේවප්‍රිය විසින් දිනා ගැනීමට සමත්විය.
තවද, ‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2025’ හි ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය ඇතුළු සියළුම විධාන නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.