‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

SRI LANKA AUTO SPOTS DRIVERS ASSOCIATION ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලිය, 2025 අගෝස්තු මස 31 වැනි දින සාලියපුර, ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී සාර්ථකව පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

ඒ අනුව, යතුරු පැදි ඉසව් එකොලහක් (11) යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හත් දෙනෙකු (07) සහභාගී වූහ. එහිදී Racing 125 cc කාණ්ඩය යටතේ තරඟ කල නායක ශාරිරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ එම තරඟයේ තෙවන (03) ස්ථානය මෙලෙස නාවික හමුදාව වෙත දිනා දීමට සමත් විය.