TAEKWONDO POOMSAE CHAMPIONSHIP 2025 තරඟාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් දිනා ගනියි
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, Taekwondo Poomsae Championship 2025 ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් තුනක් (03), රිදී පදක්කමක් (01) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට 2025 සැප්තැම්බර් මස 06 වැනි දින සමත් විය.
ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඇතුළු දිවයිනේ ප්‍රකට ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් 2025 සැප්තැම්බර් මස 06 වැනි දින වතුපිටිවල, ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ව්‍යායාම ශාලාවේදී මෙම තරඟාවලිය පැවැත්විණි.
ඒ අනුව, තරඟාවලිය සඳහා තනි සහ කණ්ඩායම් ඉසව් වශයෙන් ඉදිරිපත්වූ නාවික හමුදා කණ්ඩායම කැපී පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කරමින්, මෙලෙස රන් පදක්කම් තුනක් (03), රිදී පදක්කමක් (01) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට සමත්විය.
තවද, ජ්‍යෙෂ්ඨ ටයිකොන්ඩෝ ‘Poomsae’ අංශයේ පළමු හා දෙවන අනුශූරතා දිනා ගැනීමටද නාවික හමුදාව සමත් විය.