09 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව හිමිකර ගනියි
09 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2025, වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකිර්ණයේදී 2025 ඔක්තොබර් මස 16 වැනි දින සිට 28 වැනි දින දක්වා පවත්වන ලද අතර, එහිදි ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමත් විය.
තරඟාවලියේ ත්‍යාග ප්‍රදානොත්සවය 2025 ඔක්තොබර් මස 28 වැනි දින නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් රියර් අද්මිරාල් ප්‍රදිප් කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ජයග්‍රාහකයින් වෙත කුසලාන හා සහතික පත්‍ර පිරිනැමීම නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනාරාල් විදුලි හා විද්‍යුත් විසින් සිදුකෙරිණි.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමය ඇතුළු දිවයිනේ ප්‍රකට වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටි අතර, නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට සමත් විය.
ඒ අනුව 10m Air Rifle Open (Women) Individual ඉසව්වේ රිදි පදක්කම නායක කාන්තා සංඥා සීඒපීකේ අබේගුණවර්ධන විසින් ද 25m Military Rapid Fire Pistol (Men) Individual ඉසව්වේ රන් පදක්කම සුනි (විආ)ඩබ්එම්කේ කුමාර විසින්ද, 25m Military Rapid Fire Pistol (Women) Individual ඉසව්වේ රිදි පදක්කම බල කාන්තා නැවි ටීඑන්කේ සූරියආරච්චි විසින්ද, 25m Rapid Fire Pistol (Men) Individual ඉසව්වේ රිදි පදක්කම සුනි (විආ)ඩබ්එම්කේ කුමාර විසින්ද දිනාගැනීමට සමත් විය.
50m Free pistol (Men) Individual ඉසව්වේ රිදි පදක්කම නාප්‍රස ඩීඑම්එස්එම් දිසානායක විසින්ද ලෝකඩ පදක්කම සුනි ආර්ඩීඑම්ඒච් ලියනගේ විසින්ද ,50m Rifle Prone (Men) Individual ඉසව්වේ රන් පදක්කම නානාපාබල එච්ඩීපී කුමාර විසින්ද එම ඉසව්වේ රිදී පදක්කම නාඉක යුඩීඑස් රන්ගනාත් විසින්ද,50m Rifle 3x20 (Men) Individual ඉසව්වේ රන් පදක්කම නාඉකා යුඩීඑස් රන්ගනාත් විසින්ද ලෝකඩ පදක්කම නානාපාබල එච්ඩීපී කුමාර විසින්ද දිනාගැනීමට සමත් විය.
50m Rifle Prone (Women) Individual ඉසව්වේ රන් පදක්කමද නායක කාන්තා සංඥා සීඒපීකේ අබේගුණවර්ධන විසින්ද,රිදි පදක්කම නායක කාන්තා නාවික බීඑල්ටී සඳමාලී විසින්ද,ලෝකඩ පදක්කම නායක කාන්තා නැවි කේආර්එච් උමයංගනා විසින්ද දිනාගැනීමට සමත් විය.
50m Rifle 3x20 (Women) Individual ඉසව්වේ රිදි පදක්කම නායක කාන්තා සංඥා සීඒපීකේ අබේගුණවර්ධන විසින්ද ලෝකඩ පදක්කම නායක කාන්තා නාවික බීඑල්ටී සඳමාලී විසින්ද දිනාගැනීමට සමත් විය.


