‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2025’ හිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් දිනා ගනියි
98 වන ‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2025’(98th BASL Men & Women National Boxing Championship 2025), 2026 ජනවාරි මස 30 වන දින හොරණ, නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.
මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ ප්‍රකට බොක්සිං ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් විසි හතර දෙනෙකු (24) සහභාගි විය.
ඒ අනුව, නාවික හමුදා පිරිමි බොක්සිං කණ්ඩායමේ කිලෝ ග්‍රෑම් 75 ට අඩු බර පන්තිය නියෝජනය කල බල නැවි ආර්ජීයූඑස් රූපස්සර එහි රන් පදක්කමත්, කිලෝ ග්‍රෑම් 90 ට අඩු බර පන්තිය නියෝජනය කල සුළු නිලධාරී ඒඩබ් හෙට්ටිගේ, කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක නැවි පීඑස්පී දේශප්‍රිය සහ කිලෝ ග්‍රෑම් 75 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක නැවි ඩබ්ඩීකේ ජයසිංහ එම බර පන්තිය යටතේ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය. කිලෝ ග්‍රෑම් 65 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක සංඥා එම්ජීපීකේපී දයාරත්න, කිලෝ ග්‍රෑම් 60 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක නැවි ඊඩබ්ඒ සඳරුවන් සහ කිලෝ ග්‍රෑම් 50 ට අඩු බර පන්තිය නියෝජනය කල බල නැවි ඩබ්පී අරවින්ද එම බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම, නාවික හමුදා කාන්තා බොක්සිං කණ්ඩායමේ කිලෝ ග්‍රෑම් 80 ට වැඩි බර පන්තිය නියෝජනය කල කාන්තා ගබඩා සහකාර එච්එම්එච්පී ජයකොඩි එහි රන් පදක්කම සහ කිලෝ ග්‍රෑම් 54 ට අඩු බර පන්තිය නියෝජනය කල කාන්තා ගබඩා සහකාර කේඑම්එම්ජේ කෝනාර එම බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.


