19 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

2026 ජනවාරි මස 30 සිට පෙබරවාරි මස 01 දක්වා නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවති 19 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, තාවුළු (Taolu) සහ සන්දා (Sanda) යන ඉසව් දෙක සාර්ථකව සම්පුර්ණ කිරීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිපස් දෙනෙකු (25) සමත් වූ අතර, එහිදී පැවති තාවුළු ඉසව් දහයෙන් (10) රන් පදක්කම් නවයක් (09), රිදී පදක්කම් දෙකක් (02) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) හිමි කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

එමෙන්ම, බර පන්ති එකොළහක් (11) යටතේ පැවති සන්දා ඉසව්වෙන් රන් පදක්කම් හයක් (06), රිදී පදක්කම් හයක් (06) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීම‍ට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.