‘Dubai 2026 World Para Athletics Grand Prix’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 100 සහ මිටර් 400 පිරිමි ධාවන ඉසව්වන්ගේ රිදී පදක්කම් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි

2026 පෙබරවාරි මස 08 වන දින සිට 14 වන දින දක්වා එක්සත් අරාබියේ ඩුබායි හි පැවති ‘Dubai 2026 World Para Athletics Grand Prix’ තරඟාවලියේදී, මිටර් 400 සහ 100 පිරිමි ධාවන ඉසව්ව T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම තරඟයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.

ඒ අනුව, මීටර් 100 T47 ඉසව්ව තප්. 11.29 කාලයකින් සහ මිටර් 400 T47 තරඟ ඉසව්ව තත්පර 50.86 කාලයකින් අවසන් කර රිදී පදක්කම් දෙකක් (02) දිනා දිනාගැනීම මඟින් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙනදීමටත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවීමටත් සමත් විය.