නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2026 මාර්තු මස 07 වැනි දින සිට 10 වැනි දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය දියත් විධානය විසින් දිනා ගැනීමට සමත්විය.
අන්තර් විධාන හොකී තරඟාවලිය - 2026 සඳහා නාවික විධානයන් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 08 ක් සහ කාන්තා කණ්ඩායම් 08 ක් සහභාගී වූ අතර, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කළ නායක ශාරීරික අභ්‍යාසක එම්ඒඑල්එස් පෙරේරා විසින් සහ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දියත් විධානය නියෝජනය කළ කාන්තා සංඥා එස්එම්ජීඑස් විතාරන විසින් හිමිකර ගැනීමට සමත් විය. තරඟාවලියේ දක්‍ෂතම දැල් රකින්නාට හිමි සම්මානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කළ බල නැවි එස්එම්එස්එම්එම් මංචනායක විසින් සහ දක්‍ෂතම දැල් රකින්නියට හිමි සම්මානය දියත් නාවික විධානය නියෝජනය කළ සාමන්‍ය කාන්තා එස්එම්ජීඑස් සමරතුංග විසින් හිමිකර ගැනීමට සමත්විය.


