09 වැනි කැනෝ ස්ප්‍රින්ට් ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි
ජාතික වේග හබල් ඔරු සංගමය (National Rowing Boat Association in Sri Lanka) විසින් සංවිධානය කරන ලද 09 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය, 2026 මාර්තු 12 සිට 14 දක්වා බත්තරමුල්ල දියවන්නා ජලාශයේදී සාර්ථකව පැවැත්වූ අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩකයන් රන් පදක්කම් හතක් (07), රිදී පදක්කම් හයක් (06) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, ත්‍රිවිධ හමුදාවේ සහ දිවයිනේ ප්‍රකට ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩකාවන් රැසක් සහභාගී වූ මෙම ශූරතාවලිය සඳහා තනි සහ කණ්ඩායම් ඉසව් වශයෙන් ඉදිරිපත්වූ නාවික හමුදා කණ්ඩායම කැපී පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කරමින්, මෙලෙස රන් පදක්කම් හතක් (07), රිදී පදක්කම් හයක් (06) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට සමත්විය.


