නාවික හමුදා ගොල්ෆ් සංචිතය විසින් අටවැනි (08) වරටත් සංවිධානය කරන ලද ‘Navy Monthly Medal Golf Championship – 2026’ වැලිසර ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී 2026 මැයි මස 24 වැනි දින සාර්ථකව පැවැත්වුණු අතර, ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා ගොල්‍ෆ් සංචිතයේ සභාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් සිදුකෙරිණි.