ක්‍රීඩා පුවත්
ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි

2024 පෙබරවාරි මස 08 වන දින සිට 15 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Grand Prix Dubai Fazza’ පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 තරඟාවලියේදී, මිටර් 400 පිරිමි ධාවන ඉසව්වේ T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම තරඟයේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.
16 Feb 2024
මීගොඩ එක්සත් නිදහස් රේසිං පාපැදි තරඟාවලිය - 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනාගනියි

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ, 2024 පෙබරවාරි මස 03 සහ 04 යන දිනයන්හීදී පැවති මීගොඩ එක්සත් නිදහස් රේසිං පාපැදි තරඟාවලිය - 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක බල නැවි කේවීඑස් කුමාර විසින් දිනා ගැනීමට සමත් විය.
07 Feb 2024
‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලියේදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතා දිනා ගනියි

‘Best friend ever’ ක්‍රීඩා සමාජය මඟින් සංවිධනය කරන ලද ‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලිය, 2024 ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 03 වන දින දක්වා කඩුවෙල කිංග්ස්ලි ටී වික්‍රමරත්න ක්‍රීඩංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් එහි අනුශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.
05 Feb 2024
Nittambuwa Elite Racing Cycling Tournament – 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනාගනියි

2024 ජනවාරි මස 28 වන දින නිට්ටඹුව ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති Nittambuwa Elite Racing Cycling Tournament – 2024 පාපැදි ධාවන තරගයෙහි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක සාමාන්‍ය නැවි කේපීඑම්පී දෙල්ගොඩ විසින් දිනා ගැනීමට සමත් විය.
31 Jan 2024
‘ඩකා මැරතන් ශූරතාවය - 2024’ හි හත්වන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනා ගනියි

2024 ජනවාරි මස 26 වන දින බංගලාදේශයේ පැවති ‘ඩකා මැරතන් ශූරතාවලිය - 2024’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩක නායක නැවි ආර්ඩීඑන්එස් කරුණාරත්න විසින් එහි හත්වන (07) ස්ථානය දිනා ගැනීමට සමත් විය.
28 Jan 2024
‘19 වන ආසියානු මැරතන් ශූරතාවලිය - 2024’ හි පස්වන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවක් දිනා ගනියි

2024 ජනවාරි මස 21 වන දින හොංකොංහි පැවති ‘19 වන ආසියානු මැරතන් ශූරතාවලිය - 2024’ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි එම්එස්පීඑම් පෙරේරා සහභාගී වූ අතර, එහිදී පස්වන (05) ස්ථානය දිනා ගැනීමට සමත් විය.
24 Jan 2024
ශ්‍රී ලංකා පිළිමලුන් පිටු දැකීමේ බේස්බෝල් තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම දිනා ගනියි

ශ්‍රී ලංකා පිළිමලුන් පිටු දැකීමේ බේස්බෝල් තරඟාවලිය, 2024 ජනවාරි මස 06 සිට 21 වන දින දක්වා, දියගම ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවති අතර, අවසන් තරඟයේදී නාවික හමුදා පිරිමි බේස්බෝල කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
23 Jan 2024
‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ කාක දූපතේදී සාර්ථකව නිමාවට පත් වෙයි

‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ 2024 ජනවාරි මස 19 සහ 20 යන දිනයන්හීදි මට්ටක්කුලිය කාක දූපතේදී, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය විසින් ජයග්‍රහණ රැසක් දිනාගැනීමට සමත් විය.
22 Jan 2024
‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2023’ හිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

96 වන ‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2023’(96th BASL Men & Women National Boxing Championship 2023), 2024 ජනවාරි මස 17 වන දින කොළඹ, රාජකීය විද්‍යාලයේ රෝයල් මාස් එරීනා බොක්සින් වළල්ලෙහිදී පැවැති අතර,එහිදී නාවික හමුදා පිරිමි සහ කාන්තා බොක්සිං කණ්ඩායම් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.
18 Jan 2024
‘Sweep & Shoot 2024 Two Gun Championship’ වෙඩි තැබිමේ තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 ජනවාරි මස 12 සිට 14 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පැවති ‘Sweep & Shoot 2024 Two gun Championship’ ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබිමේ තරඟාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒකල හා කණ්ඩායම් වශයෙන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.
17 Jan 2024