ක්‍රීඩා පුවත්

‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

SRI LANKA AUTO SPOTS DRIVERS ASSOCIATION ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලිය, 2025 අගෝස්තු මස 31 වැනි දින සාලියපුර, ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී සාර්ථකව පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

08 Sep 2025

2025 අන්තර් විධාන ටෙනිස් ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගනියි

2025 අගෝස්තු මස 27 වැනි දින සිට සැප්තැම්බර් මස 02 වැනි දින දක්වා ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2025’ හී ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය පුහුණු විධානයට හිමි විය.

05 Sep 2025

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් ශූරතාවය අපරාජිතව නාවික හමුදාව හිමි කර ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද, අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2025 ජුලි මස 30 සිට අගෝස්තු මස 17 දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලිය පුරා අපරාජිතව විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කල නාවික හමුදා කණ්ඩායම, කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරඟයේදී, ගුවන් හමුදා කණ්ඩායම පරදා ලකුණු හතලිස් එකක (41) විශිෂ්ඨ ජයක් ලබා ගනිමින්, 2025 අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් ශූරතාවය අපරාජිතව ශ්‍රී ලංකා නාවික හමුදාවට දිනා දීමට සමත්විය.

02 Sep 2025

Intermediate boxing tournament - 2025 ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද Intermediate boxing tournament - 2025 බොක්සිං තරඟාවලිය, කොළඹ රෝයල් මාස් එරීනා ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී, 2025 අගෝස්තු මස 21 වැනි දින පැවති අතර, එහිදී තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

23 Aug 2025

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2025 අගෝස්තු මස 12 සිට 15 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

22 Aug 2025

කොරියානු ජනරජයේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවන්ගෙන් ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක මවුබිම රනින් සරසයි

කොරියානු ජනරජයේ සියොංනාම් නුවර (Seongnam) සහ ගයර්යොන්ග් නුවර (Gyeryong) පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ, නාවික හමුදාවේ ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක විසින්, මවුබිම වෙත රන් පදක්කම් දෙකක් (02) දිනා දීම‍ට 2025 ජුලි මස 20 වැනි දින සහ අගෝස්තු මස 10 දින සමත් විය.

18 Aug 2025

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2025, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2025 ජුලි මස 23 සිට 25 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් දිනාගැනීමට සමත් විය.

28 Jul 2025

‘‍වලව සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

සදර්න් මෝටර් ක්‍රීඩා සමාජය (SOUTHERN MOTOR SPORTS CLUB) විසින් සංවිධානය කරන ලද ‘‍වලව සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලිය, 2025 ජුලි මස 13 වන දින උඩවලව, ක්‍රාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම් ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

21 Jul 2025

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2025’ හි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2025 ජුලි මස 04 වන දින සිට 11 වැනි දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති ‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2025’ හි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

15 Jul 2025

“PCC & Handgun Nationals 2025” ජාතික වෙඩි තැබීමේ තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය (International Practical Shooting Confederation - IPSC) විසින් සංවිධානය කරන ලද Pistol Caliber Carbine (PCC) සහ Handgun Level III ජාතික වෙඩිතැබීමේ තරඟාවලිය, 2025 ජුනි මස 18 වැනි දින සිට 22 වැනි දින දක්වා, වැලිසර නාවික හමුදා පිස්තෝල වෙඩි පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි ත්‍යාග ප්‍රධානෝත්සවය ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්, 2025 ජුනි මස 22 වැනි දින Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.

07 Jul 2025